මාස පහකට පසුව සුගීෂ්වර බණ්ඩාරට ඇප ලැබෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා ඇප මත මුදාහරින ලෙස නියෝග කර තිබේ.

ඒ මහතා අද (18) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් සුගීෂ්වර බණ්ඩාර මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *