නකල්ස් සිදුවීමට අදාළ 15 හැවිරිදි දැරියගේ සහ ඇගේ බිලිඳියගේ සුබසාධනය මෙන්ම අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘අර්ථ’ වැඩසටහන යටතේ මාසික ජීවන වියදම් දීමනාවක් ලබා දීමට සැලසුම් කර තිබේ.
මෙම දැරිය මේ වන විට සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කර ඇති අතර, ඒ සඳහා සූදානම් වීමට අවශ්‍ය මනෝ සමාජීය උපදේශන සහය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හරහා ලබා දීමට කටයුතු කරන ලෙස කාන්තා සහ ළමා කටයුතු ඇමැතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අමාත්‍යාංශ නිලධාරීන් වෙත උපදෙස් දී ඇත. ඇගේ අනිවාර්ය අධ්‍යාපන වයස අවසන් වන තුරු හෝ ඇගේ රුචිකත්වය පරිදි උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීය අධ්‍යාපනයට යොමු වන තුරු මෙම දීමනාව අඛණ්ඩව සැපයීමට නියමිතය. මීට අමතරව, කුඩා බිලිඳියගේ පෝෂණ සහ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් ද ‘අර්ථ’ දීමනාව ලබා දීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ආයතනික රැකවරණයේ හෝ ආරක්ෂිත භාරකාරීත්වයන් යටතේ සිටින ළමයින් සහ වීදි දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක ‘අර්ථ’ වැඩසටහන 2025 වසරේ සිට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාවට නංවයි. මේ හරහා මසකට ළමයින් 9,000කට ආසන්න පිරිසකට ප්රතිලාභ හිමිවන අතර, 2027 වසරේදී ද මෙම වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා 2027 අය-වැය මඟින් රුපියල් මිලියන 750ක මුදලක් වෙන් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.