නකල්ස් දැරි­යගේ හා බිලි­ඳි­යගේ අධ්‍යා­ප­න­යට – පෝෂ­ණ­යට රජ­යෙන් මාසික දීම­නා­වක් ලබා දීමට තීරණය කරයි

නකල්ස් සිදු­වී­මට අදාළ 15 හැවි­රිදි දැරි­යගේ සහ ඇගේ බිලි­ඳි­යගේ සුබ­සා­ධ­නය මෙන්ම අධ්‍යා­පන අයි­තිය තහ­වුරු කිරීම සඳහා කාන්තා සහ ළමා කට­යුතු අමා­ත්‍යාං­ශය විසින් ක්‍රියා­ත්මක කරනු ලබන ‘අර්ථ’ වැඩ­ස­ට­හන යටතේ මාසික ජීවන විය­දම් දීම­නා­වක් ලබා දීමට සැල­සුම් කර තිබේ.

මෙම දැරිය මේ වන විට සාමාන්‍ය පෙළ විභා­ගය සඳහා අය­දුම් කර ඇති අතර, ඒ සඳහා සූදා­නම් වීමට අවශ්‍ය මනෝ සමා­ජීය උප­දේ­ශන සහය ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රිය හරහා ලබා දීමට කට­යුතු කරන ලෙස කාන්තා සහ ළමා කට­යුතු ඇමැ­තිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහ­ත්මිය අමා­ත්‍යාංශ නිල­ධා­රීන් වෙත උප­දෙස් දී ඇත. ඇගේ අනි­වාර්ය අධ්‍යා­පන වයස අව­සන් වන තුරු හෝ ඇගේ රුචි­ක­ත්වය පරිදි උසස් අධ්‍යා­ප­න­යට හෝ වෘත්තීය අධ්‍යා­ප­න­යට යොමු වන තුරු මෙම දීම­නාව අඛ­ණ්ඩව සැප­යී­මට නිය­මි­තය. මීට අම­ත­රව, කුඩා බිලි­ඳි­යගේ පෝෂණ සහ අධ්‍යා­පන අව­ශ්‍යතා වෙනු­වෙන් ද ‘අර්ථ’ දීම­නාව ලබා දීමට අමා­ත්‍යාං­ශය පිය­වර ගෙන තිබේ.

ආය­ත­නික රැක­ව­ර­ණයේ හෝ ආර­ක්ෂිත භාර­කා­රී­ත්ව­යන් යටතේ සිටින ළම­යින් සහ වීදි දරු­වන් වෙනු­වෙන් ක්‍රියා­ත්මක ‘අර්ථ’ වැඩ­ස­ට­හන 2025 වසරේ සිට කාන්තා සහ ළමා කට­යුතු අමා­ත්‍යාං­ශය සහ පරි­වාස හා ළමා­ර­ක්ෂක සේවා දෙපා­ර්ත­මේ­න්තුව එක්ව ක්‍රියා­වට නංවයි. මේ හරහා මස­කට ළම­යින් 9,000කට ආසන්න පිරි­ස­කට ප්‍රති­ලාභ හිමි­වන අතර, 2027 වස­රේදී ද මෙම වැඩ­ස­ට­හන අඛ­ණ්ඩව පව­ත්වා­ගෙන යාම සඳහා 2027 අය­-වැය මඟින් රුපි­යල් මිලි­යන 750ක මුද­ලක් වෙන් කර ඇති බව කාන්තා සහ ළමා කට­යුතු අමා­ත්‍යාං­ශය වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *