ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළෙන් ලබාගත් බූන්දි රසකැවිලි සාම්පල 16ක් පරීක්ෂා කිරීමේදී ඉන් සාම්පල 13කම හානිකර රසායනික ද්‍රව්‍ය අඩංගු බව අනාවරණය වී ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) පවසයි.
මෙලෙස ප්‍රමිතියෙන් තොර රසකැවිලි අලෙවි කළ වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව එම අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සමන්ත කරුණාරත්න මහතා ප්‍රකාශ කර තිබේ.
මේ අතර, ක්ෂුද්‍රජීවී සීමාවන් ඉක්මවා ගිය බවට සැක කෙරෙන ආනයනික අයිස්ක්‍රීම්, කිරි තේ සහ සිරප් සාම්පල 21ක් ද වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇත.
එම නිෂ්පාදන සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇති පාරිභෝගික කටයුතු අධිකාරිය, ඒවා සඳහා අනිවාර්ය තත්ත්ව සහතික කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීම පිළිබඳව සලකා බලමින් සිටින බව වාර්තා වේ.