දිට්වා කුණා­ටු­වෙන් නිවාස අහිමි වූවන්ගේ නව නිවාස ව්‍යාපෘ­ති­ව­ල­ට‍ ය­ටි­තල පහ­සු­කම් ලබා­දීම ඇර­ඹෙයි

දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතු­වෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා රජයේ මූල්‍ය ප්‍රදාන මත ක්‍රියා­ත්මක නව නිවාස ව්‍යාපෘති සඳහා ජලය, විදු­ලිය හා මාර්ග පහ­සු­කම් ලබා­දීමේ කට­යුතු මේ වන­විට ආරම්භ කර තිබේ.

නිවාස අහිමි වූ පවු­ල්වල පදිං­චිය සඳහා ඉඩම් සොයා ගැනී­මෙන් පසු ඒවාහි නිවාස ඉදි­කි­රීමේ කට­යුතු අව­සන් කර ජන­තාව පදිංචි කර­වී­මට පෙර පොදු පහ­සු­කම් සියල්ල අදාළ ගම්මා­න­ව­ලට ලබා දීමට සැල­සුම් කර තිබෙන බව මහ­නු­වර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩ­වත්ත මහතා පව­සයි.

මිනිපේ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ උඩ­ත්තව තේක්ක­වත්තේ පිහිටි වන සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට අයත්ව තිබූ ඉඩ­මක් දිට්වා හේතු­වෙන් නිවාස අහි­මිවූ පවුල් සඳහා නිවාස ඉදි­කර දීමට ජන­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ මැදි­හ­ත්වීම මත ලබා ගැනී­මෙන් පසු එහි මේ වන­විට නිවාස 123ක් ඉදි­වෙ­මින් පව­තින අතර ඒවාහි වැඩ­ක­ට­යුතු නිරී­ක්ෂ­ණ­යට ගිය අව­ස්ථාවේ දිස්ත්‍රික් ලේක­ම්ව­රයා මේ බව පැව­සු­වේය.

ප්‍රජා ජල දෙපා­ර්ත­මේ­න්තුව මඟින් මෙම නිවාස සඳහා ජලය ලබා දීමට අවශ්‍ය පිය­වර ගෙන තිබෙන අතර ප්‍රජා ශාලා ඇතුළු සෙසු පහ­සු­කම් ද ජන­තාව සඳහා ලබා දීමට සැල­සුම් කර තිබේ.

ඉඩම සොයා ගැනී­මෙන් පසු නිවාස ඉදි­කි­රීමේ කට­යුතු මාස තුන­කට පමණ පෙර ආරම්භ කළ බවත් මේ වන­විට ඇතැම් නිවා­ස­වල ඉදි­කි­රීම් අව­සන්ව තිබෙන බවත් දිස්ත්‍රික් ලේක­ම්ව­රයා පැව­සු­වේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *