පාසලක පන්තිවල උපරිම සිසුන් සංඛ්‍යාව ප්‍රාථ­මික පන්තියක 30යි,6-11 පන්තියක-35යි,උසස් පෙළ පන්තියක 40ක් ලෙස උපරිම සිසුන් සංඛ්‍යාව තීරණය කරයි

ප්‍රාථ­මික පන්ති­යක සිටිය යුතු උප­රිම ශිෂ්‍ය සංඛ්‍යාව 30ක් ලෙස ද, 6-11 ශ්‍රේණි­වල පන්ති­යක ශිෂ්‍ය සංඛ්‍යාව 35ක් ලෙස ද, උසස් පෙළ පන්ති­යක ශිෂ්‍ය සංඛ්‍යාව 40ක් ලෙස ද තීර­ණය කර තිබෙන බව අධ්‍යා­පන හා උසස් අධ්‍යා­පන අමාත්‍ය, අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (23) ප්‍රකාශ කළාය. අග­මැ­ති­නිය මේ බව සඳ­හන් කළේ යාප­නය දිස්ත්‍රික් ජාතික ජන බල­වේ­ගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී රජී­වන් ජෙය­ච­න්ද්‍රන් මහතා මතු කළ ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමිනි.

අධික තද­බ­ද­යක් සහිත පාස­ල්වල මේ ආකා­ර­යට ක්‍රමි­කව ඉදි­රි­යේදී සිසුන් සංඛ්‍යාව සීමා වනු ඇති බව ද අග­මැ­ති­ව­රිය පැව­සු­වාය.

ප්‍රාථ­මික ශ්‍රේණියේ පන්ති­යක සිසුන් සංඛ්‍යාව 10ක් ලෙස තීර­ණය කර තිබෙන නමුත්, එය ප්‍රාදේ­ශීය අව­ශ්‍යතා හා අනු­ශාං­ගික කරුණු මත වෙනස් විය හැකි බවත් අග­මැ­ති­නිය සඳ­හන් කළාය.

පාස­ල්වල විෂ­මතා අවම කර ගැනී­මට දිගු­කා­ලීන හා කෙටි­කා­ලීන සැල­සුම් සකස් කර ඇති අතර, ප්‍රමා­ණ­වත් සිසුන් සංඛ්‍යා­වක් නොමැති පාසල් සම්බ­න්ධ­යෙන් විද්‍යා­ත්මක පද­න­ම­කින් විමසා බලා අවශ්‍ය පිය­වර ගන්නා බව ද අග­මැ­ති­නිය වැඩි­දු­ර­ටත් පැව­සු­වාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *