කොලොන්නාව, දහම්පුර සහ කුරුණියාවත්ත ග්‍රාම නිලධාරි වසම්වල ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන නළ පද්ධති මත ඉදිකර ඇති නිවාස සහ අනෙකුත් ඉදිකිරීම් ඉවත් කර, එම ජනතාවට ආරක්ෂිත නිවාස ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.
මීතොටමුල්ල, දහම්පුර සහ කුරුණියාවත්ත ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත විශේෂ ව්‍යාපෘතිය පිළිබඳ අධ්‍යයනය කිරීමටත්, තෙල් නල මත ඉදිකර ඇති නිවාස පිළිබඳ සොයා බැලීමටත් කොලොන්නාව සංවර්ධන කමිටු සභාපති සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ඇතුළු නිලධාරීන් පසුගියදා විශේෂ ක්ෂේත්‍ර පරීක්ෂාවකට එක්ව තිබුණා.
එහිදී අවදානම් සහ අනාරක්ෂිත ලෙස හඳුනාගත් නිවාස 37ක් ඉවත් කිරීම සුදුසු බවටයි යෝජනා වී ඇත්තේ.
එම ඉවත් කිරීම් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිත අතර
එලෙස ඉවත් කරන නිවාස හිමියන්ට හේනමුල්ල – ‘හෙලමුතු සෙවණ’ නිවාස සංකීර්ණයෙන් නව නිවාස ඒකක ලබාදීමටද සැලසුම් කර තිබෙනවා.
කොලොන්නාවේ පිහිටි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ‘නිමාව’ පර්යන්තය වෙත ඉන්ධන රැගෙන එන සැපයුම් නල පද්ධති මාර්ගය ස්ථාපිත කර ඇත්තේ මීතොටමුල්ල හරහායි.
එම නල මාර්ගය මගින් සපුගස්කන්ද, කැලණිය, ගෝනවල, කැලණිමුල්ල, වෙන්නවත්ත, මීතොටමුල්ල හරහා කොලොන්නාව ‘නිමාව’ පර්යන්තයට ඉන්ධන සැපයෙනවා.
කිලෝමීටර් 8.5ක් දුර මෙම නල මාර්ග පද්ධතිය, වසර 50කට අධික කාලයකින් විධිමත්, පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කර නැහැ.
ඉන්ධන නල මත ඉදිකර ඇති නිවාසවල පදිංචි ජනතාවගේ ජීවිතාරක්ෂාව ප්රමුඛව සලකා, අත්‍යවශ්‍ය නල පද්ධතිය අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සිදු කිරීමටත්, ප්‍රදේශයේ සංවර්ධන කටයුතු පහසු කිරීමටත් මෙම ඉවත් කිරීම් ක්‍රියාවලිය සිදු කෙරෙනු ඇති.