අධිකරණය හමුවේ තමන්ට එරෙහිව එල්ල වී තිබූ චෝදනාවලට වරද පිළිගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අත්හිටවූ සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයකට අධික දඩ මුදලක් නියම කර තිබේ.
අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා විසින් වරද පිළිගනු ලැබූ අතර, ඒ අනුව කරුණු සලකා බැලූ අධිකරණය විසින් ඔහුට මෙම දඬුවම් නියම කර ඇත.