රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සතුව තිබූ, නැව් සමාගමක නමින් ලියාපදිංචි කරන ලද සිම්පතක් (SIM) භාවිත කරමින් අසාද් මවුලානා සමඟ දිගින් දිගටම දුරකථන සබඳතා පවත්වා ඇති බවට අධිකරණය හමුවේ කරුණු වාර්තා වී තිබේ.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ, බුද්ධි අංශ විසින් සිදු කරන ලද අපරාධ ක්‍රියාවන් සඳහා මෙවැනි සිම්පත් භාවිත කර ඇති බවයි. එහිදී අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ “රණවිරු ක්‍රියාවලට නොවෙයි, මැරවිරු ක්‍රියාවලට මෙවැනි සිම්පත් භාවිත කර තිබෙනවා” යනුවෙනි.
අදාළ සිම්පත ලියාපදිංචි කර ඇති නැව් සමාගමේ සියලු තොරතුරු සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් (සමාගම් මැදුරෙන්) ලබා ගැනීම සඳහා අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙස ද එහිදී ඉල්ලා තිබේ.