වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ වරද පිළිගනියි

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට වරද පිළිගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දී තිබේ.

මෙම නඩුකරය අද(26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

ඒ අවස්ථාවේදී විත්තිකාරියක් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මොහාන් සෙනෙවිරත්න මහතා අධිකරණයට දැනුම්දුන්නේ විත්තිකාරිය අදාළ චෝදනාවට වරද පිළිගන්නා බවයි.

ඉන් අනතුරුව නඩුව සුළු වෙලාවකට කල් තැබීම සිදුවුණි‍.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *