කථා­නා­යක කාර්යා­ලයේ විය­දම තවත් මිලි­යන 48.55කින් පහළ දමයි

රාජ්‍ය විය­දම් කළ­ම­නා­ක­ර­ණය, අන­වශ්‍ය විය­දම් සීමා කිරීම සහ මහ­ජන මුදල් වග­කී­මෙන් පරි­හ­ර­ණය කිරීමේ ප්‍රති­ප­ත්ති­යට අනු­කූ­ලව කථා­නා­යක කාර්යා­ලයේ විය­දම් පාල­නය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියා­මාර්ග හේතු­වෙන් 2026 වසරේ අය-වැය ප්‍රති­පා­දන 2025 වස­රට සාපේ­ක්ෂව රුපි­යල් මිලි­යන 48.55කින් අඩු කර ඇත.

2025 වසරේ කථා­නා­යක කාර්යා­ලය සඳහා වෙන් කර තිබූ සමස්ත වාර්ෂික අය-වැය ප්‍රති­පා­ද­නය රුපි­යල් මිලි­යන 277.95ක් වූ අතර, 2026 වසර සඳහා එය රුපි­යල් මිලි­යන 229.4ක් දක්වා අඩු කර ඇත. ඒ අනුව සමස්ත අය-වැය ප්‍රති­පා­ද­නය සිය­යට 17.47කින් අඩු කිරී­මට පිය­වර ගෙන තිබීම විශේ­ෂ­ත්ව­යක් වේ.

පුන­රා­ව­ර්තන විය­දම් පාල­නය කිරීම සඳහා සැල­කිය යුතු මූල්‍ය සීමා කිරීම් කර ඇති අතර 2025 වසරේ පුන­රා­ව­ර්තන විය­දම් සඳහා වෙන් කර තිබූ රුපි­යල් මිලි­යන 269.1ක මුදල 2026 වස­රේදී රුපි­යල් මිලි­යන 175.15ක් දක්වා අඩු කර ඇත. එය රුපි­යල් මිලි­යන 93.95ක අඩු කිරී­මක් වන අතර, ප්‍රති­ශ­ත­යක් ලෙස සිය­යට 34.9ක අඩු­වී­මකි.

කාර්යා­ලයේ විය­දම් පාල­න­යේදී විශේ­ෂ­යෙන්ම ඉන්ධන, දීමනා සහ නඩත්තු විය­දම් සඳහා වෙන් කරන අය-වැය ප්‍රති­පා­දන සැල­කිය යුතු ලෙස අඩු කර තිබේ. 2025 වසරේ ඉන්ධන සඳහා වෙන් කර තිබූ රුපි­යල් මිලි­යන 81ක මුදල 2026 වස­රේදී රුපි­යල් මිලි­යන 31ක් දක්වා අඩු කර ඇත. ඒ අනුව ඉන්ධන සඳහා වෙන් කළ ප්‍රති­පා­ද­නය රුපි­යල් මිලි­යන 50කින් එනම් සිය­යට 61.7කින් අඩු වී තිබේ.

එමෙන්ම අනෙ­කුත් දීමනා සඳහා 2025 වසරේ වෙන් කර තිබූ රුපි­යල් මිලි­යන 67ක මුදල 2026 වස­රේදී රුපි­යල් මිලි­යන 30ක් දක්වා අඩු කර ඇත. එය රුපි­යල් මිලි­යන 37ක අඩු කිරී­මක් වන අතර, ප්‍රති­ශ­ත­යක් ලෙස සිය­යට 55.2ක අඩු වීමකි. වැටුප් හා වේතන සඳහා වෙන් කර තිබූ රුපි­යල් මිලි­යන 36ක ප්‍රති­පා­ද­නය ද 2026 වස­රේදී රුපි­යල් මිලි­යන 28ක් දක්වා අඩු කර තිබේ. එමෙන්ම වාහන නඩත්තු විය­දම් සඳහා වෙන් කළ මුදල රුපි­යල් මිලි­යන 25 සිට රුපි­යල් මිලි­යන 20 දක්වා අඩු කර ඇත.

මෙම සංඛ්‍යා­ලේ­ඛන මඟින් පැහැ­දිලි වන්නේ කාර්යා­ලයේ දෛනික මෙහෙ­යුම් සඳහා අවශ්‍ය සේවා පව­ත්වා­ගෙන යන අත­ර­තුර, ඉන්ධන, දීමනා සහ නඩත්තු විය­දම් වැනි අංශ­වල අය-වැය ප්‍රති­පා­දන සීමා කිරී­මට පිය­වර ගෙන ඇති බවයි.

2026 වසර සඳහා වෙන් කර ඇති රුපි­යල් මිලි­යන 229.4ක සමස්ත අය-වැය ප්‍රති­පා­ද­න­යෙන් නොවැ­ම්බර් 20 වැනිදා වන විට වැය කර ඇති මුදල රුපි­යල් මිලි­යන 86.31කි. ඒ අනුව එම දිනය වන විට ඉති­රිව ඇති මුදල රුපි­යල් මිලි­යන 143.09කි. එම වාර්තා­වට අනුව පුන­රා­ව­ර්තන විය­දම් සඳහා වෙන් කළ රුපි­යල් මිලි­යන 175.15ක මුද­ලින් වැය කර ඇත්තේ රුපි­යල් මිලි­යන 81.78ක් පමණි. ඒ අනුව එම අංශය යටතේ ඉති­රිව ඇති මුදල රුපි­යල් මිලි­යන 93.37කි.

2025 වසරේ සම්පූර්ණ වර්ෂය තුළ කාර්යා­ලයේ සමස්ත විය­දම රුපි­යල් මිලි­යන 98ක් වූ අතර, 2026 නොවැ­ම්බර් 20 දා වන විට වාර්තා වී ඇති සමස්ත විය­දම රුපි­යල් මිලි­යන 86.31කි. ඒ අනුව 2025 වසරේ සම්පූර්ණ වාර්ෂික විය­ද­මට සාපේ­ක්ෂව 2026 නොවැ­ම්බර් 20 දා වන විට විය­දම රුපි­යල් මිලි­යන 11.69කින් අඩු මට්ට­මක පවතී. මෙහිදී 2026 වසරේ විය­දම් වාර්තාව නොවැ­ම්බර් 20 දා දක්වා පම­ණක් වන බැවින් එය වසර අව­සාන විය­දම් සමඟ සෘජුව සමාන කළ නොහැ­කිය.

මෙම මූල්‍ය වාර්තා දෙක සංස­න්ද­නය කිරී­මේදී පැහැ­දිලි වන වැද­ගත් කරුණ වන්නේ කථා­නා­යක කාර්යා­ලයේ විය­දම් කළ­ම­නා­ක­ර­ණ­යේදී අය-වැය ප්‍රති­පා­දන අඩු කිරීම සඳහා ක්‍රියා­මාර්ග ගෙන තිබී­මයි. විශේ­ෂ­යෙන්ම ඉන්ධන සඳහා වෙන් කළ මුදල සිය­යට 61.7කින්ද, අනෙ­කුත් දීමනා සඳහා වෙන් කළ මුදල සිය­යට 55.2කින්ද අඩු කිරීම මඟින් විය­දම් සීමා කිරීම කෙරෙහි යොමු වී ඇති අව­ධා­නය පැහැ­දිලි වේ.

2026 නොවැ­ම්බර් 20 දා වන විටත් සමස්ත අය-වැය ප්‍රති­පා­ද­න­යෙන් රුපි­යල් මිලි­යන 143.09ක් ඉති­රිව තිබීම ද මෙහිදී අව­ධා­න­යට ලක්විය යුතු කරු­ණකි.
රාජ්‍ය ආය­ත­න­වල මූල්‍ය කළ­ම­නා­ක­ර­ණය පිළි­බ­ඳව මහ­ජන අව­ධා­නය යොමුව ඇති පසු­බි­මක, කාර්යා­ල­යක අත්‍ය­වශ්‍ය කාර්ය­යන් අඛ­ණ්ඩව පව­ත්වා­ගෙන යමින් විය­දම් සීමා කිරීම සඳහා ගෙන ඇති මෙම ක්‍රියා­මාර්ග රාජ්‍ය මුදල් වග­කී­මෙන් පරි­හ­ර­ණය කිරීමේ වැද­ගත් පිය­ව­රක් ලෙස සැල­කිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *