ලලිත් වීරරාජ් සහ ප්‍රගීත් එක්නැලිගොඩ (කුගන්) යන අයගේ අතුරුදහන්වීම් සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවට සාක්ෂි ලබාදෙමින් සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, මාධ්‍යවේදී පෝද්දල ජයන්ත සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී එම පුද්ගලයා තමාට මතක නැති බව උසාවියට පවසා තිබේ.
ලලිත්-කුගන් සිද්ධියට අදාළ වැඩිදුර සාක්ෂි ලබාදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා අද (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබිණි. මීට පෙරද, එම නඩු විභාගයේදීම මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම හා හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සගල සේනාරත්න පැහැරගෙන යාම සම්බන්ධ