පැය 24 පුරා නොමිලේ හෙද සත්කාර හා ප්‍රතිකාර ලබාදෙන සුවිශේෂී මධ්‍යස්ථානයක් යාපනයේදී විවෘත කරයි

දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් රුපියල් මිලියන 350කට අධික පිරිවැයකින් ඉදිකරන ලද “Comfort Care Home” නම් පාලියටිව් සත්කාර (Palliative Care) මධ්‍යස්ථානය යාපනය, චාවකච්චේරි, සරසාලයි හිදී විවෘත කර තිබේ. බරපතල සහ ජීවිතයට තර්ජනයක් වන රෝගවලින් පෙළෙන රෝගීන් සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ සත්කාර සේවාවන් සැපයීම මෙහි මූලික අරමුණයි.

මෙම අතිනවීන මධ්‍යස්ථානය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *