ප්රසිද්ධ අලි රාජයෙකු වන ‘අග්බෝ’ ගැවසෙන ප්රදේශයට ආසන්න වගා භූමියක් අසල නීතිවිරෝධී ලෙස සවි කර තිබූ උගුල් තුවක්කුවක් (Trap gun) සොයාගෙන එය නිෂ්ක්රීය කිරීමට තිරප්පනේ වනජීවී කාර්යාලයේ නිලධාරීන් සමත්ව තිබේ.
නොවැම්බර් 07 වන සෙනසුරාදා දින අග්බෝ අලියාගේ ආරක්ෂාව සහ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් සිදු කළ මුර සංචාරයක් අතරතුර මෙම උගුල් තුවක්කුව සොයාගෙන ඇත.