රථවාහන වැරදි සිදු කරන රියැදුරන් හඳුනා ගැනීමේ අරමුණින් කොළඹ නගරය ආශ්‍රිතව කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් සමන්විත කැමරා (AI Cameras) සවි කිරීමට පොලිස් රථවාහන මූලස්ථානය සැලසුම් කර ඇති බවට රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා උපුටා දක්වමින් ජාතික පුවත්පතක් වාර්තා කරනවා.
එහි පළමු අදියර එළැඹෙන දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිත බවයි රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර තිබෙන්නේ.
ඒ අනුව, රථවාහන වැරදි සිදු කරන රියැදුරන් මෙම කැමරා ඔස්සේ හඳුනාගෙන ඊට අදාළ දඩ පත්‍රිකා තැපැල් මාර්ගයෙන් නිවෙස් වෙත යොමු කිරීමට සැලසුම් කර තිබෙන බවත් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.