ආනන්ද පාලිත මහතා රජයට විරුද්ධව කතා කිරීම හේතුවෙන් ඔහුව සහ වෘත්තීය සමිති මර්දනය කිරීමේ අරමුණින් රිමාන්ඩ් භාරයට ගෙන ඇති බව රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබේ.
අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, අමාත්‍ය ලාල් කාන්ත මහතා වෘත්තීය සමිතිවලට නැගී සිටින ලෙස පැවසුවද, තම පක්ෂයේ වෘත්තීය සමිති ප්‍රධානියා වන ආනන්ද පාලිත මහතා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දූෂණ වංචා පිළිබඳව හෙළි කළ අවස්ථාවේ මෙලෙස ක්‍රියා කර ඇති බවයි. වෘත්තීය සමිති නායකයන් ලෙස වැටුප් සහ දීමනා ලබා ගැනීමට ඔවුන්ට හිමිකමක් තිබූ බවත්, ආනන්ද පාලිත මහතා ඒවා නීත්‍යානුකූලව ලබා ගත් බවත් ඔහු පෙන්වා දී ඇත.
වත්මන් පාලනයේ මෙම ක්‍රියාකලාපය පෙන්වා දෙමින් මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මෙන්ම ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය මුදා ගැනීමේ’ පනත් කෙටුම්පතට තමන් විරුද්ධ වූයේ මෙවැනි තත්ත්වයන් හේතුවෙන් බවයි.