සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා නඩුවෙන් නිදහස් කරයි

සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කර ඇති අතර ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි. 

අනෝජන් සිවරාසාගේ  පවුලේ ඥාතීන් අද  (11) විදේශ කටයුතු අමාත්‍යංශයට පැමිණ ජනාධිපතිවරයා , විදේශ කටයුතු අමාත්‍යංශය ඇතුලුව මේ සඳහා සම්බන්ධ වූ සියලු රාජ්‍ය ආයතන හා  නිලධාරින්  හට තම පුත්‍රයා නිදහස් කර ගැනීම සඳහා දැක්වූ කැපවීම වෙනුවෙන් ඔවුහු සිය ස්තුතිය පලකර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිවැරදි මගපෙන්වීම, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම හා සෙසු රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම්  මත අනෝජන් සිවරාසා නිදහස් කර ගැනීමට හැකිවූ බව අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ.

තවද ඒ සඳහා මැදිහත් වූ සෞදි රජයට, එරට අධිකරණයට, සෞදි හා ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික ආයතන හා නිලධාරීන්ටත් මේ සඳහා සෞදි අරාබියට ගිය නීතීඥ කණ්ඩායමටත් මෙහි ගෞරවය හිමිවන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *