විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස පත් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
වොෂින්ටන් ඩී.සී. (Washington, D.C.) නුවර පිහිටි ශ්‍රී ලංකාවේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික තනතුර හොබවන පළමු ශ්‍රී ලාංකික කාන්තාව ලෙස රණරාජා මහත්මිය ඉතිහාසයට එක්වනු ඇති බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
ජ්‍යෙෂ්ඨ වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වන අරුණි රණරාජා මහත්මිය, වර්තමානයේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කරයි. ඇය මීට පෙර නෙදර්ලන්තයේ සහ පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ද සේවය කර තිබේ.
ඇය සිය නව ධුරයේ වැඩ භාරගන්නා දිනය පිළිබඳව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.