බලංගොඩ කස්සප හිමි ජනතාව කුපිත කරවන ප්‍රකාශ සිදු කරලා – පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙයි

විහාරමහාදේවි උද්‍යානයේ පැවැති සත්‍යග්‍රහය අතරතුර පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් සිදුකරන ලද ජනතාව කුපිත කරවන සහ නොමග යවන සුළු ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කුරුඳුවත්ත පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබේ.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විහාරමහාදේවි උද්‍යාන භූමියේ පැවැති මෙම සත්‍යග්‍රහයේදී උන්වහන්සේ සිදුකළ ප්‍රකාශ පිළිබඳව අවධානය යොමු කරමින් පොලීසිය මෙම පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *