ජනාධිපතිවරයාගේ ජන්ම දිනය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සුබ පැතුම් එක් කර තිබේ.
සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු ජනාධිපතිවරයාට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කර ඇති අතර, “හොරු අකමැති, අපි කැමති” යනුවෙන් ද එහි සඳහන් කර ඇත.
එමෙන්ම, තව තවත් හොරුන්, දූෂිතයන් සහ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගනිමින්, ඔවුන් සතු මුදල් අයකරගෙන ඒ හරහා ජනතාවට සහන ලබා දෙන ලෙස ද රන්ජන් රාමනායක මහතා සිය උපන් දින සුබ පැතුම් පණිවිඩය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.