හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ට ඇප ලබා දීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද දිනයේ දී ද ප්‍රතික්ෂේප කර තිබේ.
2022 සැප්තැම්බර් 8 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව තෝරාගත් සමාගම් 3 කට පොස්පේට් බලපත්‍ර ලබා දීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 84ක අල්ලසක් ඉල්ලා ලබා ගත් බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.