නීතිය හා සාධාරණත්වය ක්රියාත්මක කිරීම සඳහා ජනතාව ජනවරමක් ලබා දී ඇති බවත්, රටේ නීතියට පිටින් ඉල්ලීම් සිදු නොකරන ලෙසත් කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
ජනාධිපතිවරයෙකු විසින් සමාව ලබා දෙනු ලබන ක්රියාවලිය පවා ප්රජාතන්ත්රවාදයට පටහැනි බව ඔහු පෙන්වා දෙයි. එය ජනාධිපතිවරයෙකුගේ බලය අයථා ලෙස භාවිතා කරමින්, තමන්ට අවශ්ය පරිදි ඕනෑම අයෙකු නිදහස් කර ගැනීමට සකස් කර ඇති ක්රමයක් ලෙස පෙනී යන බවත්, එම තත්ත්වය අයින් කළ යුතු බවට මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බවත් ලාල් කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.