අනුරාධපුර පූජා භූමිය සංවර්ධනය කිරීම සඳහා රුපියල් කෝටි 400ක දැවැන්ත මුදලක් (රු. මිලියන 4,079ක්) යෙදවීමට රජය අපේක්ෂා කරයි. පූජා භූමිය සංවර්ධනය කිරීම සඳහා මීට පෙර නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විවිධ සැලසුම් සකස් කළද, මුදල් වෙන් කිරීම ප්රමාද වීම නිසා එම සැලසුම් ක්රියාත්මක නොවීය. වර්තමාන රජය මඟින් තීරණාත්මක ව්යාපෘති 26ක් සඳහා මේ මුදල් වෙන් කර ඇත.
1946 අංක 13 දරන නගර හා ග්රාම නිර්මාණ ආඥා පනත යටතේ 1981 සැප්තැම්බර් 18 දිනැති අංක 159 ගැසට් පත්රය මඟින් අනුරාධපුර පූජා භූමි ප්රදේශය ප්රකාශයට පත් කර ඇත. අනුරාධපුර, මධ්යම නුවරගම් පළාත ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්රාම නිලධාරි කොට්ඨාස 16ක වර්ග කි.මී. 28 සිට 32 දක්වා භූමි ප්රදේශයක් මෙසේ සංවර්ධනය කිරීමට අදාළ ව්යාපෘති පිළිබඳව 2026 පෙබරවාරි 27 දිනැති අංක 2477/44 දරන ගැසට් පත්රයෙන් ප්රකාශයට පත් කර තිබේ.
බැතිමතුන්ගේ සනීපාරක්ෂාව සහ සංචාරකයන්ට පහසුකම් සැලසීම මූලික කරගෙන, ඉන්දීය රජයේ මූල්ය ආධාර යටතේ ක්රියාත්මක කිරීමට අපේක්ෂිත මේ සැලැස්ම මඟින් පුරාවිද්යාත්මක ස්ථාන සංරක්ෂණය, පරිසර පද්ධති ආරක්ෂා කිරීම සහ ප්රදේශවාසීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම අපේක්ෂිතය. ප්රවේශ මාර්ග, වාහල්කඩ සහ භූදර්ශන, පූජනීය සහ ආගමික ගොඩනැඟිලි ප්රතිසංස්කරණය, පොදු පහසුකම්, සනීපාරක්ෂක මධ්යස්ථාන සහ රථගාල, පරිසර, පොකුණු සහ උරුමයන් සුරැකීම, ප්රවාහන, සංචාරක සහ නවීන තාක්ෂණික ව්යාපෘති යන ක්ෂේත්ර ආවරණය කිරීමට නියමිතය.