හිටපු ඇමති පාඨලීගේ රිය අනතුරු නඩුව නොවැම්බර් 10 යළි කැදවයි – පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අද ඇරඹෙයි

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය අනතුරක් සිදුකර ඊට අදාළ කරුණු වසන් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව නොවැම්බර් මස 10 වැනිදා කැඳවන ලෙසට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

මෙම නඩුකරය කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

2016 වසරේ පෙබරවාරි මස 27 වැනිදා රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර ඊට අදාළ තොරතුරු වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය චම්පික රණවකට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *