සෞදි අරාබියේ රැකියාවක නිරතව සිටි ඉංජිනේරු අනෝජන් සිවරාසාට එරට අධිකරණය පැනවූ මරණ දඬුවම අහෝසි කිරීමට සෞදි අරාබි රජය ගත් තීරණය සම්බන්ධයෙන් සතුටු වන බවත්, ඒ වෙනුවෙන් කටයුතු කළ සියලු දෙනාට සිය ගෞරවය සහ ස්තූතිය පිරිනමන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස පවසනවා.
මෙම සිදුවීමේදී අනෝජන් සිවරාසාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට කැපවූ ෆයිසර් මුස්තාෆා, උපුල් කුමරප්පෙරුම ප්රමුඛ නීතිඥයින් සියලු දෙනාට සහ ශ්රී ලංකාවේ සෞදි තානාපතිවරයා ප්රමුඛ පිරිසට ස්තූතිවන්ත වන බවත්, මේ සම්බන්ධයෙන් කළ හැකි උපරිමය තමා ඇතුළු පිරිස ද ඉටු කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.
එසේම, අනෝජන් සිවරාසාගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් කුඩා හෝ දායකත්වයක් ලබාදීමට හැකිවීම සිය ජීවිතයේ ලැබූ භාග්යයක් බවයි සජිත් ප්රේමදාස වැඩිදුරටත් ප්රකාශ කර සිටියේ.