1990 සුවසැරිය ජාතික හදිසි ගිලන් රථ සේවාව සඳහා නව ගිලන් රථ 100ක් ලබාගැනීමට ඉන්දීය රජය මූල්‍ය ප්‍රදානයක් ලබාදීමට එකඟතාව පළ කර තිබේ.
ඒ අනුව, අදාළ මූල්‍ය ප්රදානය ලබාගැනීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඉන්දීය රජයේ මූල්‍ය ප්‍රදානයක් යටතේ 2016 වසරේදී ආරම්භ කළ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව 2018 වසරේදී දිවයින පුරා ව්‍යාප්ත කර තිබේ.
සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පැය 24 පුරා නොමිලේ ක්‍රියාත්මක වන මෙම සේවාව මඟින් දිනකට රෝගී ප්‍රවාහන අවස්ථා 1,000ත් 1,200ත් අතර ප්‍රමාණයක් සිදු කෙරේ.
වාර්ෂිකව කිලෝමීටර් මිලියන 9ක පමණ දුරක් ධාවනය වන මෙම ගිලන් රථ සේවාවේ දැනට පවතින ගිලන් රථ 322හි කාර්මික දෝෂ ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවද සඳහන් වේ.
ඒ අනුව, සම්පූර්ණ වෛද්‍ය පහසුකම්වලින් සමන්විත නව ගිලන් රථ 100ක් ලබාගැනීම සඳහා ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.