මෙරටට රසායනික පොහොර තොගයක් රැගෙන එමින් තිබූ නෞකාවකට ඉරාන නාවික හමුදාවේ නිල අවසරය ඇතිව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවස්ථාව හිමිව තිබේ. The Island පුවත්පත වාර්තා කරන්නේ එම නෞකාව මේ වන විට ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරමින් පවතින බවයි.
පසුගිය මාස කිහිපය පුරා හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය දැරූ උත්සාහයන් අසාර්ථක වී ඇති අතර, නෞකා ගමනාගමනය පාලනය කිරීම සඳහා ඉරානය විසින් දැඩි හා ඵලදායී පියවර ගෙන ඇත. නිල අවසරයකින් තොරව අනවසර මාර්ග ඔස්සේ ගමන් කිරීමට උත්සාහ කරන නෞකා ප්‍රහාරවලට ලක්වීමේ අවදානමක් පවතින බවට ද ඉරානය අනතුරු අඟවා තිබේ.