කාවන්තිස්ස ඇතුට වෙඩි තැබූ පොහොට්ටුවේ ශාන්ත ධර්මසිරිට ළගදී පරිසර කුසලතා සම්මානයකුත් ලැබී ඇති බව හෙළි වෙයි

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රාජ්‍ය නිලධාරියා ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරියෙක් බවට අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම සැකකරුට මෑතකදී පරිසරය සම්බන්ධ කුසලතා සම්මානයක්ද ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ඔහුට සහය දුන් තවත් පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පවසනවා.

එමෙන්ම මීට මාස කිහිපයකට පෙර වෙඩි වැදී මියගිය ඩයනා නැමැති ඇතින්නටද වෙඩි තබා ඝාතනය කර ඇත්තේ මෙම සැකකරුම බවයි අනාවරණ වී ඇත්තේ.

ඔහු අද දින (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සහ වනජීවී නිලධාරීන් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරු ඊයේ (18) පස්වරුවේ මිගලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර, කාවන්තිස්ස ඇතා වෙඩි වැදී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *