රට සහල්වලින් ස්වයංපෝෂිත කළේ මහින්දයි,මත්තල වී ගබඩා කරන්න තරම් අතිරික්තයක් තිබ්බා – සාගර කාරියවසම් කියයි

රටේ ජනතාවට ආහාරයට ගැනීමට බත් ටිකට සහල් නොමැතිව සිටි යුගය නිමා කරමින්, මෙරට ප්‍රථම වරට සහලින් ස්වයංපෝෂිත කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

එම පාලන සමයේදී මෙරට වී අස්වැන්න කෙතරම් ඉහළ මට්ටමක පැවතියේද යත්, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ පවා වී ගබඩා කිරීමට සිදුවන තරමේ විශාල වී අතිරික්තයක් පැවති බව ඔහු සිහිපත් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය:

“රටේ ජනතාවට කන්න බත් ටිකට සහල් නැතුව ඉන්නකොට මහින්ද රාජපක්ෂ තමයි ප්‍රථමවරට රට ස්වයංපෝෂිත කළේ. මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කරන්න තරම් අතිරික්තයක් තිබ්බා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *