අපේක්ෂා නොකළ ලෙස පැරදුණා – යළි දේශපාලනයට නොඑන බව කංචන විජේසේකර කියයි

“අද නොවැම්බර් 14 වැනි දාවකි.
වසර දෙකකට පෙර උදා වූ නොවැම්බර්
14 වැනි දාවක පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන්,
අපේක්ෂා නොකළ ලෙස, මම පරාජයට පත් වීමි.”

යළි දේශපාලනයට නොඑන බවට
කාන්චන් විජේසේකරගෙන් ප්‍රකාශයක්..!

නැවත දේශපාලනයට නොඑන බවට ඉගි කරන ප්‍රකාශයක්, හිටපු අමාත්‍ය කාන්චන විජේසේකර විසින් සිය නිල ෆේස් බුක් ගිනුමේ තබා තිබේ. පහත පළ වන්නේ එහි දළ සිංහල තේරුමයි.

“අද, නොවැම්බර් 14 වැනිදා මගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන දෙකක් සනිටුහන් කරනවා. ඉන් පළමුවැන්න මගේ පියාගේ 84 වැනි ජන්ම දිනය සිහිපත් කිරීමයි. ඔහු අප හැර ගිය පසු එළැඹෙන පළමු උපන්දිනය ද මෙයයි..

මීට වසර දෙකකට පෙර අද වැනි දිනයක මම පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළෙමි. එහි ප්‍රතිඵලය මා බලාපොරොත්තු වූ පරිදි නොවූවද, එය මගේ ජීවිතයේ වැදගත් පරිච්ඡේදයක් විය. ඉන් මාසයකට පසු මම දේශපාලනයෙන් සහ ඊට අදාළ සියලු ක්‍රියාකාරකම්වලින් ඉවත් වීමි.

දේශපාලනයේ නිරතව සිටි කාලය තුළ මට ලැබුණු අවස්ථා මෙන්ම, මා කෙරෙහි තැබූ විශ්වාසය සහ මා සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලැබුණු සියලු දෙනාගෙන් ලැබුණු මඟපෙන්වීම්, නායකත්වය සහ දිරිගැන්වීම් වෙනුවෙන් මම අවංකවම කෘතඥ වෙමි. එම කාල පරිච්ඡේදය දෙස අද යළි හැරී බලන්නේ කෘතඥතාවයෙනි.

දේශපාලන ක්ෂේත්‍රයේ සිට ආයතනික ක්ෂේත්‍රයට මාරු වීමේ ක්‍රියාවලිය ආරම්භ කර මේ වන විට මාස 23ක් ගත වී ඇත. එය මුලින් අර්ධකාලීන කටයුත්තක් ලෙස ආරම්භ වුවද, ක්‍රමයෙන් පූර්ණකාලීන වගකීමක් සහ කැපවීමක් බවට පත්ව ඇත. මම එම කාර්යය අවංකවම භුක්ති විඳින අතර, එය මට මහත් තෘප්තියක් ද ගෙන දෙයි.

ජීවිතයේ සෑම පරිච්ඡේදයකටම ඊට ආවේණික වූ අරමුණක් පවතී. ඇතැම් පරිච්ඡේද අපට යම් යම් පාඩම් උගන්වන අතර, තවත් සමහරක් අපව හැඩගස්වයි. ඇතැම් අවස්ථාවලදී ඒවා අප සම්පූර්ණයෙන්ම වෙනස් ගමනක් සඳහා සූදානම් කරයි. අද දිනය මට සිහිපත් කිරීම්, ආවර්ජනය කිරීම් සහ කෘතඥතාව පළකිරීම්වලින් පිරුණු දිනයකි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *