හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (07) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කරමින්, හිටපු අමාත්ය සරත් වීරසේකර මහතා අදහස් දක්වා තිබේ.
“යුද්ධයක් දිනපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බිරිඳව, පුතාව අත්අඩංගුවට අරගෙන මේ වගේ හිරිහැර කරන්නේ ඩයස්පෝරාව සතුටු කරන්න,” යැයි ඔහු පවසා තිබේ.