රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා වෙත ඔහුගේ පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ලිපියක් යොමුකර ඇති බව වාර්තා වනවා.
රෝහල්ගතව ප්රතිකාර ලබන හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් මත ලේකම්වරයෙකු විසින් සකස් කළ මෙම ලිපිය, පාර්ලිමේන්තු මන්ත්රී ඩී. වී. චානක මහතා මාර්ගයෙන් නාමල් රාජපක්ෂ මහතාට භාරදී ඇති බවයි මාධ්ය වාර්තා සඳහන් කරන්නේ.
අධිකරණය කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසත්, සිරගතවීමට සහ දුක් විඳීමට සූදානමින් දේශපාලනයේ නිරත විය යුතු බවත් මහින්ද රාජපක්ෂ මහතා එම ලිපියෙන් සිය පුත්රයාට උපදෙස් ලබාදී ඇති බව පැවසෙනවා.
නාමල් රාජපක්ෂ මහතා 2010 වසරේදී දේශපාලනයට පිවිසි අවස්ථාවේ තමන් ලබාදුන් අවවාදයක්ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කර ඇති බව සඳහන්.
තමන් දේශපාලනයට පිවිසි මුල් අවධියේදී බන්ධනාගාරගත වීමට සිදුවූ අත්දැකීමද මහින්ද රාජපක්ෂ මහතා එම ලිපියෙන් සිහිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, අදාළ ලිපියේ සම්පූර්ණ අන්තර්ගතය මෙතෙක් ප්රසිද්ධ කර නොමැති අතර, මෙම තොරතුරු මාධ්ය වාර්තා මත පදනම් වනවා