තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත සලකා බැලීම මාළිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය ප්රතික්ෂේප කර තිබේ.
රිජ්වේ ආර්යා ළමා රෝහලට පෙට් ස්කෑනර් යන්ත්රයක් පරිත්යාග කිරීමට යැයි කියමින්, ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබා ගත් රුපියල් ලක්ෂ සියයක මුදලක් අවභාවිතා කර ඇති බව චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලැබී ය.
හෙට දිනයේ දී ඇය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.