භික්ෂු ශාසනය සහ ආගම බේරගන්න භික්ෂුන් වහන්සේලා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ හමුවෙයි

භික්‍ෂු සාසනයට බලපා ඇති කරුණු පිළිබඳව සාකච්ඡාවක් සඳහා භික්ෂූන් වහන්සේලා පිරිසක් මල් පාර එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී රනිල් වික්‍රමසිංහ හමු වුණා.

ආණ්ඩුවේ බෞද්ධාගමට සිදුකරන බලපෑම් පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බවයි මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේලා ප්‍රකාශ කළා.

රොටුඹ ප්‍රේමරතන හිමියන් මෙහිදී අදහස් දක්වමින්, භික්ෂූන් වහන්සේලා හැටියට අපට බලන් ඉන්න බෑ සාසනයට විශාල ගැටලු රැසක් ඇති වෙලා තියෙන්නේ, ආගම රැක ගත යුතුයි,ඒ් වගේම මේක දේව සාපලත් රටක් වෙන්න බැහැ යැයිද ප්‍රකාශ කරනවා.

ඒ් වගේම මේ විදිහට ගියොත් ශාසනය ඉවරයි යනුවෙන් අවධාරණය කරන උන් වහන්සේ, බුදු දහම රැකුණොත් තමයි අනික් ආගම් රැකෙන්නේ යනුවෙන් ද සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *