ඩෙංගු මදු­රු­වන් බෝ කළොත් දඩය රු. 50,000යි – දඩ මුදල වැඩි කිරිමේ නිතීමය කටයුතු ඇරඹෙයි

මදු­රු­වන් බෝ වන ස්ථාන පව­ත්වා­ගෙන යන පුද්ග­ල­යන්ට එරෙ­හිව පව­තින දඩ මුදල වැඩි කිරීමේ නීති­මය කට­යුතු මේ වන විට ක්‍රියා­ත්මක වෙමින් පව­තින බව ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩ­ස­ට­හනේ ප්‍රජා වෛද්‍ය විශේ­ෂඥ ප්‍රශිලා සම­ර­වීර මහ­ත්මිය පැව­සු­වාය.

දඩ මුදල් වැඩි කිරීමේ නීති කෙටු­ම්පත් මේ වන විට නීති­පති දෙපා­ර්ත­මේ­න්තු­වට යොමු කර ඇති බවත්, දැනට පව­තින දඩ මුදල රුපි­යල් 5,000ක් වන අතර එම දඩ මුදල සංශෝ­ධ­නය වී රුපි­යල් 25,000 සිට 50,000 දක්වා වැඩි වනු ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.

විශේෂ ජාතික ඩෙංගු මදුරු මර්දන සති­යක් ඊයේ (09) සිට 14 වැනිදා දක්වා ක්‍රියා­වට නංවා ඇති අතර, ඒ සම්බ­න්ධ­යෙන් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ පැවති මාධ්‍ය දැනු­වත් කිරීමේ සාක­ච්ඡා­වට එක්වෙ­මින් ඒ මහ­ත්මිය ඊයේ (09) මේ බව කියා සිටි­යාය.

මේ වර්ෂය තුළදී ජාතික මදුරු මර්දන වැඩ­ස­ට­හන් 7ක් පමණ ප්‍රකා­ශ­යට පත් කර ක්‍රියා­වට නැංවූ බවත්, එම අව­ස්ථා­ව­න්හිදී පරිශ්‍ර 459,707ක් පරී­ක්ෂා­වට ලක් කළ බවත් ඒ මහ­ත්මිය පැව­සු­වාය.

එම වැඩ­ස­ට­හ­න්ව­ලදී නිවාස 394,975ක් පරී­ක්ෂා­වට ලක් කළ අතර, ඩෙංගු මදු­රු­වන් බෝ වන ස්ථාන සිය­යට 8ක් ද, පාසල් 1,739කින් සිය­යට 34ක් ද, ආග­මික ස්ථාන 1,917කින් සිය­යට 21ක් ද, රාජ­කාරී ආය­තන 2,909කින් සිය­යට 20ක් ද ඩෙංගු මදු­රු­වන් බෝ කරන ස්ථාන බවට හඳු­නා­ගත් බවද ඒ මහ­ත්මිය ප්‍රකාශ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *