පෞද්ගලික රෝහල් බෑ – ශිරන්තිව ජාතික අක්ෂි රෝහළට හෙට ඉදිරිපත් කිරිමට තීරණය කරයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙම සැකකාරියව අද බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න ප්‍රකාශ කළා.

එහිදී විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ, ඇයව හෙට (09) දිනයේදී කොළඹ ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
#HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *