කාවන්තිස්සට වෙඩි තැබූ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යායේ නිපුනතා සංවර්ධන නිලධාරියා අද අධිකරණයට

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබුවේ යැයි සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක්  පැවසීය.

ඔහුගේ නිවසේ තිබී බොර 12 වර්ගයේ ගිනි අවියක්, ”කැප් තුවක්කු” වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 24ක් භාරයට ගත් බවත් අත්අඩංගුවට ගත් සැකකරු ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නිපුනතා සංවර්ධන නිලධාරියකු බවත් එම නිලධාරියා කීය.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් සහ වනජීවි නිලධාරින්ඒකාබද්ධව කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව කී එම උසස් පොලිස් නිලධාරියා එම පුද්ගලයා මීට පෙර ද ඇතෙකුට වෙඩි තැබීමක් ගැන චෝදනාවක් ඇති බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *