දකුණු ආසියාවේ පළමු ‘එයාර් ඩෝම්’ (Air Dome) ව්‍යුහය කොළඹ වරාය නගරයේදී (Port City Colombo) සාර්ථකව ස්ථාපිත කර (Inflated) ඇති අතර, එය මෙරට නව්‍ය උත්සව සහ ප්‍රදර්ශන ශාලා සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
අමුත්තන් 4,000කට පමණ පහසුකම් සැලසිය හැකි පරිදි නිර්මාණය කර ඇති මෙම වායු ආධාරක ව්‍යුහයේ සිවිල් ඉදිකිරීම් කටයුතු කිහිපයක් තවදුරටත් නිම කිරීමට නියමිතව ඇති අතර, 2026 දෙසැම්බර් මස අවසානය වන විට එය මෙහෙයුම් කටයුතු සඳහා විවෘත කිරීමට අපේක්ෂා කෙරේ.
රැස්වීම්, දිරිගැන්වීමේ වැඩසටහන්, සම්මන්ත්රණ සහ ප්‍රදර්ශන (MICE) ඇතුළු මහා පරිමාණ උත්සව සඳහා මෙම පහසුකම යොදා ගැනීමට නියමිත බව CHEC Port City Colombo (Pvt) Ltd හි ඉඩම් සංවර්ධන සහ අලෙවිකරණ විධායක අධ්යක්ෂ සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ශලක විජේරත්න මහතා ප්‍රකාශ කර ඇත. ඩුබායි සහ අනෙකුත් ප්‍රධාන ජාත්‍යන්තර උත්සව ගමනාන්තයන්හි පිහිටි එවැනිම මධ්‍යස්ථාන ආදර්ශයට ගනිමින් මෙය නිර්මාණය කර තිබේ.
කොළඹ වරාය නගරයේ ඉදිකිරීමට නියමිත ශ්‍රී ලංකාවේ විශාලතම බහුකාර්ය සම්මන්ත්රණ ශාලාව සංවර්ධනය කරන තෙක් මෙම එයාර් ඩෝම් ව්‍යුහය අන්තර්කාලීන පහසුකමක් ලෙස ක්‍රියාත්මක වනු ඇත. යෝජිත ස්ථිර සම්මන්ත්රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානය ආසන 4,000කින් යුත් ගෘහස්ථ බහුකාර්ය අවකාශයකින් සහ පුද්ගලයින් 5,000කට පහසුකම් සැලසිය හැකි එළිමහන් අවකාශයකින් සමන්විත වීමට නියමිතය.
එමෙන්ම, යෝජිත සම්මන්ත්රණ මධ්‍යස්ථානයට යාබදව කාමර 400ත් 450ත් අතර සංඛ්‍යාවකින් සමන්විත තරු පන්තියේ ව්‍යාපාරික හෝටලයක් ඉදිකිරීම සඳහා ද කොළඹ වරාය නගර ප්‍රධාන සැලැස්ම මගින් ප්‍රතිපාදන සලසා තිබේ.