කච්චතිව් දූපත සම්බන්ධයෙන් තමිල්නාඩුවේ මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දුවක් හා ඉන්දීය මධ්යම රජයේ අධිකරණ ස්ථාවරය අතර පවතින වෙනස පෙන්වා දෙමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකවැරටියේ දී අදහස් දක්වා තිබේ.
“තමිල්නාඩු ඡන්දෙ වෙලාවෙදී, ඒ මහ ඇමති අපේක්ෂකයා කිව්වා ඔහු බලයට ඇවිල්ලා කච්චතිව් ගන්නවා කියලා. හැබැයි පසුගියදා ඉන්දියානු මධ්යම රජය ශ්රේෂ්ඨාධිකරණ නඩුවකදී එහි නීතිපතිවරයා ගිහිල්ලා ශ්රේෂ්ඨාධිකරණයට කිව්වා කච්චතිව් දූපතේ හිමිකමේ තියෙන්නේ ශ්රී ලංකා රජයට කියලා,” යැයි ඔහු පවසා තිබේ.
“අද මධ්යම ආණ්ඩුව පිළිඅරන් තියෙනවා. ගහගෙන නෙවෙයි, අඬදබර වෙලා නෙමෙයි. අපි දන්නවා අපේ තරම, අපි දන්නවා ගනුදෙනු කරන්න ඕන විදිහ,” යැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.