අධිකරණ නියෝග නොතකා හරිමින්, අනුරාධපුර පූජා භූමියේ මාරාන්තික උපවාසයක නිරතව සිටි බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු, නොවැම්බර් මාසයේ 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තබන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
එසේම, සැකකරුවන් මානසික වෛද්‍ය පරීක්ෂණයකට සහ ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇද්ද කියා පරීක්ෂා කර බලන පරීක්ෂණයකටද යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.