කච්චතිව් සම්බන්ධයෙන් 1974 දී ශ්රී ලංකාව සමඟ ඇතිකරගෙන ඇති ගිවිසුම සහ ඉන් පසුව, 1976 දී, ශ්රී ලංකා මුහුදු තීරයේ ඉන්දීය ධීවරයින්ගේ ධීවර අයිතිවාසිකම් සීමා කරමින් ඇති දෙරට අතර ඇතිකරගෙන ඇති ගිවිසුම යන ගිවිසුම් අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සම් විභාගයේදී, ඉන්දීය රජය වෙනුවෙන්, නීතිපතිවරයා සිය ස්ථාවරය ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අනාවරණය කර තිබේ.
ඒ අනුව, එකී ගිවිසුම් සංශෝධනය කිරීමට හෝ අවලංග-ු කිරීමට ඉන්දීය රජය කිසිසේත්ම කටයුත-ු නොකරනු ඇත.
ඊට අමතරව, ඉන්දීය ධීවරයන් ලංකාවේ උත-ුරු මුහුදට පැමිණීම පිළිබදව සිය කණස්සල්ලද ඉන්දීය රජය වෙනුවෙන් නීතිපති වෙන්කටරාමන් මහතා ප්රකාශ කර තිබේ.
ඉන්දියවට අයත් මුහුදු සීමාවේ මත්ස්ය අස්වැන්නේ අඩුකම මෙසේ ඉන්දීය ධීවරයන් ලංකා මුහුදු සීමාවට පැමිණීමට හේතුව බව පවසා ඇති එරට නීතිපතිවරයා, ලංකා මුහුදු සීමාව ආක්රමණය නොකරන ලෙස ඉන්දීය ධීවරයන් දැනුවත් කිරීමට කටයුතු කරන බවද පවසා තිබේ.