රක්ෂිත බන්ධනාගාරයේ තදබදය සහ පහසුකම් හිඟය පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කරමින්, රිමාන්ඩ් භාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අදහස් දක්වා තිබේ.
“මේ බන්ධනාගාර මිහිපිට අපායවල් වගේ. 20ක් දාන්න පුළුවන් කාමරේ 300ක් ඉන්නවා. වැසිකිළි-කැසිකිළි පහසුකම් නෑ. දැඩි තදබදයක් තියෙනවා. ඒවා ගැන හොයන්නෙ නෑ. හැබැයි ආණ්ඩුව තමන්ගෙ ක්රියාකාරීත්වය පෙන්වන්න, අහිංසක මිනිස්සු රිමාන්ඩ් කරනවා,” යැයි ඔහු පවසා ඇත.