ජනාධිපති අනුර කුමාර දිසානායක සුළුතර ඡන්දවලින් හෝ ජනාධිපති බවට පත්වූයේ වේදිකාවල ප්රකාශ කළ බොරු හේතුවෙන් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පසන් කස්තුරි පවසනවා.
ජනතාව විසින් ‘සොමියට කතිරය ගසා කරුමයට හදාගත්’ මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගතවන විට, එයට ජනතාව අතර දැඩි අප්රසාදයක් ගොඩ නැඟී ඇති බවයි අද (30) මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු ප්රකාශ කළේ.
අද වන විට ඡන්දයක් පැවැත්වුවහොත් වත්මන් ආණ්ඩුව 3% ක ප්රතිශතයකට වැටෙන තත්ත්වයක් උද්ගත වී ඇති බවත්, මේ වන විට ආණ්ඩුවට එරෙහිව ජනතා විරෝධතාවක් මතුවෙමින් ඇති බව ආණ්ඩුව ද දන්නා බවත් ඔහු සඳහන් කළා.
තමන්ට විරුද්ධව සිදුවන්නට නියමිත සැබෑ මහජන නැඟිටීමට නායකත්වය ලබාදිය හැකි, අනාගත නායකත්වයට සුදුසුකම් ඇති, විපක්ෂයේ කැපී පෙනෙන චරිත මර්දනය කිරීමට ආණ්ඩුව දැන් කටයුතු කරමින් සිටින බවයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පසන් කස්තුරි වැඩිදුරටත් ප්රකාශ කර සිටියේ.