මීට පෙර සාක්ෂි ලබා දීමට බිය වූ ක්‍රිෂ් සමාගමේ සේවකයින් දෙදෙනෙක් නාමල් රිමාන්ඩ් කළ පසුව නොබියව සාක්ෂි ලබා දෙයි

ක්‍රිෂ් (Krrish) ගනුදෙනුවට අදාළ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට මීට පෙර බියක් දැක්වූ ක්‍රිෂ් සමාගමේ සේවකයින් දෙදෙනෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව දැන් නොබියව සාක්ෂි ලබාදෙන බව වාර්තා වේ.

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලද නාමල් රාජපක්ෂ මහතා සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය, නොවැම්බර් 6 දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *