යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ ඉන්ධන පිරවුම්හලේ වැඩ අවසන් කරයි

යාපනය – ඩෙල්ෆ්ට් (නෙඩුන්තීව්) දූපතට ඉන්ධන පිරවුම්හලක් ඉදිකරනු ලැබ තිබේ.

මෙතෙක් එම දූපතට ස්ථිර ඉන්ධන පිරවුම්හලක් නොතිබිණි.

ඩෙල්ෆ්ට් ජනතාව දිගු කලක් පුරා මුහුණ දුන් ප්‍රධානතම ගැටලුවක් වූයේ ඉන්ධන ලබා ගැනීමේදී පැවති දැඩි දුෂ්කරතාවයි. ඒ සඳහා දූපතේ සිට කුරිකට්ටුවාන් ඇතුළු ප්‍රදේශ වෙත යාමට සිදුවීම හේතුවෙන්, අධික ප්‍රවාහන වියදම් මෙන්ම කාලය නාස්ති වීම ඇතුළු ගැටලු රැසකට ජනතාවට මුහුණ දීමට සිදු විය.

පසුගිය 2025 වසරේ ඔක්තෝබර් මාසයේ පැවති කුරිකට්ටුවාන් ජැටිය සංවර්ධනය කිරීමේ අවස්ථාවේදී ඩෙල්ෆ්ට් දූපතේ ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීමට අදාළ ගිවිසුමට අත්සන් තැබිණි. අනතුරුව, 2026 වසරේ ජූලි මාසයේදී ඒ සඳහා මුල්ගල් තබා ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *