ජාතික පද්ධති ක්රියාකරු (National System Operator – NSO) විසින් නිකුත් කරන ලද 2026 නොවැම්බර් 06 වැනිදා (සිකුරාදා) උත්පාදන සාරාංශයට අනුව, රාත්රී 8.30ට (20:30) පමණ බැටරි බලශක්ති ගබඩා පද්ධතියෙන් (BESS Discharging) මෙගාවොට් 70ක විදුලි බලයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කර ඇති බව වාර්තා වේ.
එම අවස්ථාවේ මුළු විදුලි උත්පාදනය මෙගාවොට් 2,404.8ක් වූ අතර, එහි ප්රභව බෙදීම පහත පරිදි විය:
- අපේක්ෂිත සූර්ය බලශක්තිය (PSO): මෙ.වො. 814
- ප්රධාන ජල විදුලිය: මෙ.වො. 1,257.1
- තාප තෙල් බලාගාර: මෙ.වො. 75.1
- SPP ජෛව ස්කන්ධය: මෙ.වො. 13.6
- SPP කුඩා ජල විදුලිය: මෙ.වො. 161.5
- සුළං බලය: මෙ.වො. 11.2
- සූර්ය බලය: මෙ.වො. 0
- බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS Discharging): මෙ.වො. 70
මීට අමතරව, එදින රාත්රී 8.15ට උපරිම විදුලි ඉල්ලුම මෙගාවොට් 2,735.6ක් (ක්රියාකාරී බලය) ලෙසත්, අලූයම 4.00ට අවම විදුලි ඉල්ලුම මෙගාවොට් 1,649.1ක් ලෙසත් NSO දත්තවල සඳහන් වේ.