අනුරාධපුර රුවන්වැලි මහා සෑය හා ජය ශ්‍රී මහා බෝධිය අබියස පූජා භූමියේ සත්‍යග්‍රහයේ නිරතව සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, එම ස්ථානයෙන් වහාම ඉවත් වන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ නියෝගය නොතකා, එහි දිගටම රැඳී සිටිමින් මෙම ප්‍රකාශය සිදුකර තිබේ.
“අධිකරණය කරන්න ඕනේ අපිව අයින් කරන්න කියන එක නෙවෙයි, අපිට සිවුපසය දෙන්න, ආවරණ සපයන්නයි කියන්න ඕනේ… අපි ගරු කරන්නේ බුද්ධ නීතියට, බුද්ධ නීතිය තමයි රටේ නීතිය,” යැයි උන්වහන්සේ පැවසීය.