ඔබට අවශ්‍ය නම් ඉන්ධන මිළ ඉහළ දමාගන්න, නමුත් අපි මිළ වැඩි කරන්නේ නෑ” – පෞද්ගලික ඉන්ධන සමාගම්වලට රජය දැනුම් දෙයි

පාරිභෝගිකයින් පීඩාවට පත් කරමින් පෞද්ගලික ඉන්ධන සැපයුම්කරුවන්ගේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා රජය විසින් ඉන්ධන මිල ඉහළ නොදමන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
​අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ ගිවිසුම්වලට අනුව පෞද්ගලික ඉන්ධන සමාගම්වලට තමන්ගේ පිරිවැය මත පදනම්ව විකුණුම් මිල තීරණය කිරීමේ හැකියාව පවතින බවයි.
​නමුත් පෞද්ගලික සමාගම්වල අවශ්‍යතාවයන් සපිරීම සඳහා ජනතාව මත බර පටවමින් ඉන්ධන මිල ඉහළ නැංවීමට රජය සූදානම් නැති බව හෙතෙම අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *