පාරිභෝගිකයින් පීඩාවට පත් කරමින් පෞද්ගලික ඉන්ධන සැපයුම්කරුවන්ගේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා රජය විසින් ඉන්ධන මිල ඉහළ නොදමන බව බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා පවසයි.
අමාත්යවරයා සඳහන් කළේ, අදාළ ගිවිසුම්වලට අනුව පෞද්ගලික ඉන්ධන සමාගම්වලට තමන්ගේ පිරිවැය මත පදනම්ව විකුණුම් මිල තීරණය කිරීමේ හැකියාව පවතින බවයි.
නමුත් පෞද්ගලික සමාගම්වල අවශ්යතාවයන් සපිරීම සඳහා ජනතාව මත බර පටවමින් ඉන්ධන මිල ඉහළ නැංවීමට රජය සූදානම් නැති බව හෙතෙම අවධාරණය කළේය.