තමන් වහන්සේ ඇතුළු පිරිස දින ගණනාවක් තිස්සේ සිය ගැටලු පිළිබඳව හඬ නැඟුවද, ජනාධිපතිවරයා ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකරන බව වල්පොල ගොතම හිමියෝ පවසති.
මාධ්ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, තමන් වහන්සේ වසර 4ක් තිස්සේ සිවුරක් ඇඳගෙන ජීවිතය රැකගත් බවයි.
එසේම ජනාධිපතිවරයා විවිධ “මායම් දමමින්” කටයුතු කරන බවටත්, පවතින තත්ත්වය පිළිබඳව උන්වහන්සේ දැඩි කණගාටුව පළ කර සිටින බවත් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළහ.